Gossips

මඩු ප්‍රදේශයේ වගා ළිදකට වැටී කුඩා ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මන්නාරම – මඩු – ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිදකට වැටී කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (15) පස්වරුවේ මෙම ළමයින් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියදී ඒ අසළ තිබු අනාරක්ෂිත වගා ළිඳට ඇඳ වැටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 5 හැවිරිදි සහ 7 හැවිරිදි වියේ පසුවන මඩු ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙක්.
මියගිය ළමයින් දෙදෙනාගේ සිරුරු මේ වනවිට මන්නාරම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.