Gossips

මඩු ප්‍රදේශයේ රන් සෙවූ 8 දෙනෙකු අත්අඩංගුවට

මඩු – කුංචිකුලම ප්‍රදේශයේ නරිකලච්චාන් වැව ආසන්නයේ සිදුකළ වැටලීමකදී කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එල්.ටී.ටී.ඊ සංවිධානය වළදමා තිබූ රන් සහ මුදල් සොයා මෙම සැකකරුවන් මෙලෙස කැණීම් සිදුකරමින් සිටි බවටයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුරය, මිහින්තලය, කැකිරාව සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 68ත් අතර වයස්වල පසුවන්නන්.
ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 20 කට වැඩි වටිනාකමකින් යුත් රන් සෙවීමේ ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.