Gossips

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර සංවර්ධනයට කැබිනට් අනුමැතිය

මන්නාරම මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර සංවර්ධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුද බිමක් වන මඩු දේවස්ථානය බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ ද වන්දනාවට පාත්‍රවන සුවිශේෂ ආගමික ස්ථානයක්.
යුද සමයේදී සිදුවු අලාභ හානි හේතුවෙන් මෙන්ම දීර්ඝ කාලයක් පුරා නඩත්තු හෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොවීම හේතුවෙන් ද මඩු දේවස්ථානය අවට ප්‍රදේශය දුෂ්කර අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් දේවස්ථානය අවට ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඒ ආශ්‍රිත ප්‍රවාහන, මහාමාර්ග, සනීපාරක්ෂක, ජල සැපයුම් ඇතුලු පහසුකම් සංවර්ධනයටත් ප්‍රදේශයේ විශ්‍රාම ශාලා ඇතුලු නවාතැන් පහසුකම් සංවර්ධනයටත් පියවර ගැනීමටයි ජනාධිපතිවරයා යෝජනා කර තිබුනේ.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ලැබී තිබෙනවා.