Gossips

මඩුකන්දේ අනතුරකින් දෙදෙනෙකු මරුට

වව්නියාව – හොරොව්පතාන මාර්ගයේ මඩුකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ සිදුවු මෙම රිය අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු සහ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔවුන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.