Gossips

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

හබරන සහ පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේදී වන අලි තුන් දෙනෙකු දුම්රියේ ගැටී මිය යාම හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා එල්ල වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අනතුරෙන් පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි.
කොළොන්නාවේ සිට මඩකලපුව බලා ධාවනය වූ ඉන්ධන රැගත් දුම්රියේ ගැටීමෙන් අද අලූයම මෙම අලි තුන් දෙනා මිය ගොස් තිබුණා.
මිය ගිය අලි තුන් දෙනා අතර ගැබ්බර ඇතින්නක ද සිටි ඇති බවටයි වාර්තා වන්නේ.
මේ වන විට අදාළ ස්ථානයට වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ එම සිරුරු ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.