Gossips

මඩකලපුව ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා විවෘත වෙයි

මඩකලපුව – ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා අද (25) සිට යළි විවෘත කර තිබෙනවා.
1958 වසරේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරනු ලැබූ මෙම ගුවන් තොටුපළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් භාවිතා කළේ ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහායි.
මෙම ගුවන් තොටුපළේ නව මගී පර්යන්ත ගොඩනැගිල්ලක් ද විවෘත කර ඇති අතර, ඉදිරියේදී ගුවන් පුහුණු පාසලක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.