Gossips

මඩකලපුවේ හර්තාල්

මඩකලපුව දිස්ත්‍රික්කයේ අද පෙරවරු හයේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, මඩකලපුව – පුල්ලූමලේ ප්‍රදේශයේ ක්‍රියාත්මක පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට විරෝධය දක්වමින්.
අදාළ කර්මාන්ත ශාලාව හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජල ගැටළුවක් මෙන්ම ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
හර්තාලය නිසා මේ වනවිට ප්‍රදේශයේ ගමනාගමනයට බාධා සිදුව ඇති අතර, දිස්ත්‍රික්කයේ සියලූම වෙළඳසැල් ඊට සහය දක්වමින් වසා දමා ඇති බව සඳහන්.
හිරු වාර්තාකරුවන් සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දෛනික කටයුතුවලට හර්තාලයෙන් බාධා එල්ල වී ඇති බවයි.