මඩකලපුව, කාත්තාන්කුඩ්, ඒත්තුකාල්හි වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක් දරු පියෙක් බවයි වාර්තා වන්නේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මළ සිරුර මේ වන විට මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
