Gossips

මඩකලපුවේ මහ අනතුරක්

මඩකලපුව, පිල්ලියාරඩ් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (06) රාත්‍රී 9 ට පමණ සිදු වූ මෙම රිය අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ තරුණයින් තිදෙනෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මඩකලපුව, කාත්තාන්කුඩ් ප්‍රදේශයේ සිට මහනුවර අකුරණ ප්‍රදේශය බලා ධාවනයවූ වෑන් රථයක් මඩකලපුව,එරාවුර් ප්‍රදේශයේ සිට මඩකලපුව නගර දෙසට ධාවයවූ ත්‍රී රෝද රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා තිබෙන්නේ ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් තිදෙනා බවයි අපවාර්තාකරු ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.