Gossips

මඩකලපුවේ දී පොලීසියේ දෙදෙනාගේ ඝාතනයට ඇල්ලූ සැකකරු, එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශය නායකයෙකු බවට හෙළිවේ

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මහවිරු සැමරුම සංවිධාන කිරීම සඳහා මඩකලපුවට පැමිණ ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබීම නිසා ඊට උරණවීම හේතුවෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
48 හැවිරිදි සැකකරු වට්ටකච්චි – හච්සන් පාරේ දී ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනුණා.