Gossips

මඩකලපුවේදී පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

මඩකලපුව – ඌරනි ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ මෙම පහරදීම සිදුව ඇති බවයි මඩකලපුව පොලීසිය ප්‍රකාශ කළේ.
ඌරනි ප්‍රදේශයේදී හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු පොලීසියෙන් නවතා තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් සහ යතුරුපැදියේ පැමිණි තුන්දෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
එම අවස්ථාවේදී යතුරුපැදියේ පැමිණි පුද්ගලයෙකු තමන් සතුව තිබූ වීදුරු බෝතලයක් සහිත බෑගයකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබෙනවා.
මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පහරදීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා පලාගොස් තිබෙනවා.