Gossips

මඩකලපුවෙන් තහනම් දැල් තොගයක් සොයාගැනේ

මඩකලපුව – කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී අන්දමින් මසුන් ඇල්ලීමට යොදාගන්නා තහනම් ධීවර දැල් තොගයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඩි 150 ක් පමණ දිගින් යුත් තහනම් දැල් 57 ක් මෙලෙස අද උදෑසන සොයාගෙන ඇති අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.