Gossips

මඩකලපුවෙන් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි

මඩකලපුව – සතුර්කොන්ඩාන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
මෙම ඉඩමෙහි තාවකාලික ළිඳක් ඉදිකිරීම සඳහා ඊයේ සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී මෙම අස්ථි කොටස් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඉඩමේ හිමිකරු විසින් මේ පිළිබදව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා සහ මඩකලපුව පොලීසිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව මඩකලපුව මහේස්ත්‍රාත්වරයා ද එම ස්ථානයට පැමිණි බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම ස්ථානයට ආරක්ෂාව යොදවා තිබෙනවා.
එම අස්ථි කොටස් මීට වසර 25කට පෙර වළ දමන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.