මට්ටක්කුලිය – පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් දෙදෙනෙකු ඇතුළු 03 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මට්ටක්කුලිය පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බවයි.
එහිදී මෙම වරෙන්තුරුවන් දෙදෙනාට අමතරව අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා තොගයක් සමඟයි.
එමෙන්ම මෙම මෙහෙයුමේදී යුද හමුදා ඇඳුම් කට්ටලයක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.


