මට්ටක්කුලිය – සමිතිපුර බෝධිය අසළ දී හෙරොයින් ග්‍රෑම් 30යි, මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළ බවයි.
21 හැවිරිදි සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
