Gossips

මඟ වැරදුණු ලොරි රථය (ඡායාරූප)

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙඅරාව ප්‍රදේශයේ දී අද (04) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර අනතුර සම්බන්ධයෙන් බලංගොඩ පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වනවා.

ඡායාරූප – බලංගොඩ රෝහණ වසන්ත