Gossips

මඟ වැරදුණු ටිපර් රථය (ඡායාරූප)

මාතලේ සිට වත්තේගම දෙසට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් වත්තේගම, පහළ යටවර ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අසල නිවසකට කඩා වැදීමෙන් අද (28) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් ටිපර් රථයේ රියැදුරු තුවාල ලබා ඇති අතර නිවසට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ටිපර් රථය නිවසට කඩා වදින අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවකටද සුළු තුවාල සිදුව තිබෙනවා.
පොලීසිය පවසන්නේ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවයි.

ඡායාරූප – මොහොමඩ් ආසික්