මේ වන විට අතර මඟ නවතා ඇති පොළොන්නරුව – මාඳුරුඔය ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු යළි ආරම්භ කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක් අද (05) පැවැත් වුණා.
ඒ, එම මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් අවහිර කරමින්.
අතර මඟ නවතා දමා ඇති ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති අතර දූවිලි හේතුවෙන් දැඩි සෞඛ්‍ය තර්ජන ද එල්ල වී බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.
මෙම විරෝධතාව හේතුවෙන් පැය 06ක පමණ කාලයක් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඡායාරූප – මනම්පිටිය, නිමල් ජයරත්න