Gossips

මඟ දමාගොස් සිටියදී ආගරපතන දරුවා හමුවේ

හැටන් – ආගරපතන – හෝල්බෘක් වතුයායේ පදිංචිව සිට අතුරුදන් වූ යදීස් විධූර්ෂන් නමැති දෙහැවිරිදි පිරිමි දරුවා අද උදෑසන පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
ඒ දරුවා ඔහුගේ නිවස ආසන්නයේ මාර්ගයක දමා ගොස් සිටියදීයි.
ඊයේ දහවල් නිවස අසල සෙල්ලම් කරමින් සිටි මෙම දරුවා අතුරුදන්වී ඇති බවට දරුවාගේ දෙමාපියන් සහ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඉන් අනතුරුවයි ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කෙරුණේ.
එම මෙහෙයුම හේතුවෙන් දරුවා පැහැර ගත් පුද්ගලයෙකු යළි ඔහුව නිවස ආසන්නයට ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.



rnrnrnrnrn