Gossips

මගී ගුවන් යානයක් මත්තල ගොස් ආපසු එයි

ඕමානයේ – මස්කට් නුවර සිට පැමිණි යූ.එල් – 206 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය අද අලූයම පැවති අධික වර්ෂාව හේතුවෙන් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා.
අලූයම 4.45 ට කටුනායක පැමිණි යානය උදෑසන 5.20 ට මත්තලට ගොඩබස්වා ඇති අතර, පසුව උදෑසන 6.30ට මත්තලින් නික්මී 6.47 ට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.
මගීන් 130 දෙනෙකු රැගත් මෙය ඒ – 320 වර්ගයේ ගුවන් යානයක්.