Gossips

මගීන් අපහසුතාවට ලක් කළ 138 බස් රථය

NA 6341 අංකය දරණ බස් රථය මාර්ග අංක 138 යටතේ රුක්මල්ගම සිට පිටකොටුව දක්වා ධාවනය වන්නක්.
හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණේ, පිටකොටුවට පැමිණෙන බොහෝ අවස්ථාවල මගීන් අඩු වු සැනින් බස් රථයේ සේවකයන් ඔවුන් අතරමග බස්සවා ගමනාන්තයට නොගොස් මගීන් අපහසුතාවට පත්කරන බවයි.
මේ පිළිබද සොයා බැලීමට ගිය අවස්ථාවේදී ද ටවුන්හෝල් ප්‍රදේශයේදී මගීන් අතරමග බැස්සවීමට කොන්දොස්තරවරයා කටයුතු කළා.
ගමන් වාරය අවසන් කර යළි රුක්මල්ගම බලා යන බව පැවසුවත් හිරු සී.අයි.ඒ කළ ප්‍රශ්න කිරීම් හමුවේ රියදුරා ප්‍රකාශ කළේ බස් රථය කාර්මික දෝෂයකට ලක්වී ගරාජයක් වෙත රැගෙන යන බවයි.