Gossips

මගියෙකුගේ ජීවිතය බිලිගත් සුඛෝපභෝගී බස් රථ අනතුර

ඒ – 9 මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේ අද (26) අලුයම සුඛෝපභෝගී බස් රථයක් සහ ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස්රථයක් කිලිනොච්චිය දෙසට කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක පසුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි මාන්කුලම පොලිසිය පවසන්නේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන්ගත් 42 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් තුවාල ලැබූවන් මාන්කුලම රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ සිටි තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.