කොළඹ නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටි සිනමා හලක් මකුණන් බෝවීම හේතුවෙන් තාවකාලිකව වසා දමන ලෙස නියෝග කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ලද පැමිණිලිවලට අනුව සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ බවයි.
