ඇතැම් රජයේ සේවකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ විට සේවා ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය වැසියන් අපහසුතාවට පත්වන බව රහසක් නොවේ. 
කුරුණෑගල භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට ඊයේ පැමිණි ජනතාවට ද එවන් අපහසුතාවකට මුහුණදීමට සිදුවුනේ එම නිලධාරීන් රාජකාරී වේලාව තුල විවාහ මංගලෝත්සවයකට සහභාගී වී සිටීම හේතුවෙන්. 
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි. 
හිරු සී.අයි.ඒ. දුරකථන අංකයට ඊයේ තොරතුරක් ලබාදුන් පුද්ගලයෙකු පැවසුවේ කුරුණෑගල – විල්ගොඩ පිහිටි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ රාජකාරී කිසිවක් සිදු නොවන බවයි. 
එහි සිටි පුද්ගලයෙකු ගෙන් ඒ පිළිබද විමසීමේදී ප්‍රකාශ කලේ නිලධාරීන් විවාහ උත්සවයකට ගොස් ඇති බවයි. 



