Gossips

මංගල ඩෙනෙක්ස් හිරු STAR කිරුළ පළඳියි

සංගීතයේ සිහසුන තනන 'හිරු STAR' අවසන් මහා තරඟයේ ශූරතාවයට හිමිකම් කියන්නට බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස් අද (03) සමත් වුණා.
'හිරු STAR' අවසන් මහා තරඟයේ පැවැත්වුනේ නෙළුම් පොකුණ රඟහලේදීයි.
අවසන් මහා තරඟයේ තරඟ වදින්නට වරම් හිමි කර ගත්තේ බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස්, වෙන්නප්පුවේ ශම්මි ප්‍රනාන්දු, දිවුලපිටියේ අමිල කාවින්ද සහ මීගමුවේ සුජාන් ප්‍රනාන්දුයි.