Gossips

මංගල, ජනපති කොමිසමට

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම වෙත මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (17) පැමිණියා.
ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
අමාත්‍යවරයා කියා සිටියේ මිහින් ලංකා ගුවන් සමාගම පිහිටවනු ලැබුවේ තමා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය දරණ සමයේ බැවින් ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි බවයි.
පස්වරු 6 ට පමණ සාක්ෂි ලබාදීමට පැමිණි අමාත්‍යවරයා පැයකට පසු ඉන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු කියා සිටියේ.