Gossips

මංගල ඇමරිකාව බලා පිටත්ව යයි

ඇමති මංගල ඇමරිකාවට.."
මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික වසන්ත රැස්වීමට සහභාගිවීම සඳහායි.
මෙම සැසිවාරයට ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දැනටමත් එක්ව සිටිනවා.
මුදල් අමාත්‍යවරයා ලබන 18 වනදා දක්වා වොෂින්ටනයේ රැදී සිටින බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර සංවර්ධන සමායතනය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1 යි දශම 8 ක ප්‍රදානයක් මෙරටට ලබාදීමටයි ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව තීරණය කර ඇත්තේ.
ඊට අදාළ ගිවිසුම්වලට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික වසන්ත රැස්වීම අතරතුර, අත්සන් තැබුණු බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.rnrnrn