Politics Sri Lanka

මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව බදුල්ල මීගහකිවුල ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ එස්.ජේ.එම් තිලකරත්න නැමති අපරධකරුවා මාර්තු මස 07 වැනිදා දක්‌වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැල්ලවාය මහෙස්‌ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කර ඇත.

මහින්ද පිලේ මෙම මන්ත්‍රීවරයා බුත්තල පොලිස්‌ බලප්‍රදේශයේ විශ්‍රාමික ගුරුවරයකුගෙන් රුපියල් එක්‌ලක්‌ෂ හැටතුන් දහසක මුදල් හා රුපියල් 20,000 පමණ වටිනා රන් මුද්දක්‌ පැහැරගෙන රුපියල් ලක්‍ෂ 50ක කප්පම් මුදලක්‌ ඉල්ලා තිබේ.

මොහුගේ මෙම මංකොල්ලකෑම් සඳහා හමුදා නිල ඇඳුම්ද පාව්චි චර ඇති අතර ඔහු සමග මීට හවුල් වූ තවත් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මහින්ද පිලේ අපේක්‌ෂක කණ්‌ඩායම් නායක ඇතුළු මෙම තිදෙනා පසුගිය 21 වනදා බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අපරාධය සඳහා යොදාගත් ජංගම දුරකථනය සිම්පත, රන් භාණ්‌ඩ උකස්‌ කළ රිසිට්‌ පතද මංකොල්ලය සඳහා යොදා ගත් කැබ් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ත් සිට 37ත් වයස්‌වල පසුවන අය බව පොලිසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කලක්‌ යුද හමුදාවේ සිට පලා ආ සෙබළෙක්‌ හා මෙවර පළාත් පාලන මැතිවරණයට මීගහකිවුල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ කණ්‌ඩායම් නායකයා ද සිටිති.