භෝග විනාශ කරන සතුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේදි රැස්වූ අවස්ථාවේදීයි.
වඳුරන් සහ රිලවුන් විසින් මෙලෙස වැඩි වශයෙන් භෝග විනාශ කිරීමට දායක වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
අනතුරුව, යටිනුවර – කොටලිගොඩ උතුරු ග්‍රාම ශක්ති ගම්මානය වෙත පැමිණි අවස්ථාවේදී තමන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් ජනතාව කරුණු ඉදිරිපත් කළ අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිතුරු ලබා දුන්නා.
