Gossips

භූමිතෙල් මිලට එල්ල වූ විරෝධය

භූමිතෙල් මිල රුපියල් 70 දක්වා පහත හෙළීමට රජය ගත් තීරණයත් සමඟ හලාවත – කල්පිටිය සහ වෙන්නප්පුව ප්‍රදේශවල ධීවරයින් අද ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ විරෝධතාව අත්හිටුවනු ලැබුවා.
කෙසේ වෙතත්, පෙර පැවති රුපියල් 44 මිලටම තමන්ට භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා කළුතර – මග්ගොන නගර මධ්‍යයේ ධීවරයින් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
එම විරෝධතාව සඳහා බේරුවල සහ පයාගල ප්‍රදේශවල ධීවරයින් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
භූමිතෙල් මිල පහත හෙලීමට කටයුතු කළ ආකාරයෙන්ම ඩීසල් මිල පහළ හෙලීමට ද රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුුජිත් සමන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
කෙසේ වෙතත්, හෙට දිනයේදී භූමි තෙල් මිල අඩු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කරන බවයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දීලිප් වෙදආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.