Gossips

භුමි තෙල් පැරණි මිළට

භුමිතෙල් මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් හලාවත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ධීවරයින් ආරම්භ කර තිබු වර්ජනය අත්හිටුවීමට අද පස්වරුවේ තීරණය කළා.
ඒ ,විෂය භාර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සමග අද පස්වරුවේ කොළඹ පැවති සාකච්ජාවකින් අනතුරුවයි.
ඒ අනුව වර්ණ යොදා පැරණි මිළට භුමි තෙල් ලබාදීමට ටයි අමාත්‍යවරයා එකගවී ඇත්තේ.
සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හලාවත ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති සුජිත් රෝෂන් ප්‍රනාන්දු කියා සිටියේ ඊට අදාළ කටයුතු සිදුකිරීම සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.
මේ අතර අද කැබිනට් රැස්වීම නිමවීමෙන් පසු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පිටව ගියේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමකින් තොරවයි.
මේ අතර, ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් අද කළු පටි පැළද පාපැදිවල නැගී සභා රැස්වීමට පැමිණියා.
ඔවුන් ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වනවිට එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් විරෝධතා පුවරු සහ තණකොළ රැගෙන ඉදිරියට පැමිණීමත් සමග එහි ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.