Gossips

භික්ෂූන් වහන්සේලාටත් රක්ෂණයක්

භික්ෂූන් වහන්සේලා සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ මෙම ක්‍රමය ඉදිරියේදී අනෙකුත් ආගමික නියෝජිතයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර පාසල් තුළ ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී තිබෙනවා.