Gossips

භික්ෂු සමාජය ගැන වැරදි ආකල්ප ඇති නොවිය යුතුයි – ජනපති

මෙරට භික්ෂු සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ලෝකය තුළ ඇති නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
දෙල්ගොඩ – නාරංවල ශ්‍රි සුමනකීර්ති පිරිවෙනෙහි පැවැති උත්සවයකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ අයහපත් හැසිරිම් අන්තර්ජාලයේ පළවීම හේතුවෙන් මෙරට භික්ෂු සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ලෝකයේ ප්‍රචලිත විය හැකි බවයි.
මෙම තත්ත්වයන් පිළිබඳව තරුණ භික්ෂුන් වහන්සේ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා.