Gossips

භික්ෂු බල මණ්ඩලයේ පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ පාගමන විසුරුවා හැරීම ස‍ඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
2016 සහ 2017 අධ්‍යයන වර්ෂය සඳහා බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බඳවා ගැනීම නතර කිරීමට රජය තීරණය කර ඇති බව පවසමිනුයි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ අද දහවල් මෙම විරෝධතාවය ආරම්භ කළේ. මේ හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක් ද හට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පාගමනට එක්වූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුලූ වීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය මෙලෙස ජල සහ කඳුළු ගෑස් එල්ල කළ බවයි.
මේ වන විට හිමිනමක් ඇතුළු 10 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තාවෙයි.