Gossips

භික්ෂුවට යුගයේ කාර්ය භාරය හඳුනාගත නොහැකි අර්බුදයක් නිර්මාණය වෙලා – පූජ්‍ය මාවරලේ භද්දිය හිමි

මෙරට භික්ෂුවට යුගයේ කාර්ය භාරය කුමක්දැයි නිසිලෙස හඳුනාගත නොහැකිවීමේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව ආචාර්ය පූජ්‍ය මාවරලේ බද්දිය හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළකළේ හබරකඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකදී.
හබරකඩ ආර්ය නිකේතන ද්විභාෂා මූලික පිරිවෙනේ 5 වන සංවත්සරික උළෙල ඊයේ පස්වරුවේ පැවැත්වුණේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.