Gossips

භික්ෂුන් වහන්සේලා පිරිසක් රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට සැරසේ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට සිදුවනු ඇතැයි පැවිදි හඬ සංවිධානය පවසනවා.
කොළඹ අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සභාපති මණ්ඩල සාමාජික, රුහුණු සංඝ සභාවේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් මේ බව කියා සිටියා.
මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර ගතකිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට අද පස්වරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.