Gossips

භික්ෂුන් වහන්සේලාට කඳුළු ගෑස් එල්ල කිරීම ගැන ජනපතිගේ නියමයෙන් පරීක්ෂණයක්

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
එමෙන්ම එලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් සිදුකරන බවද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක නිරත වුණා.
එහිදී එය විසුරුවා හැරීම සඳහායි පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ.