Gossips

භාෂාව හේතුවෙන් බේදීම් ඇති කර නොගත යුතු බව ජනපති කියයි

උගත් සමාජය කිසිවිටෙකත් භාෂාව හේතුවෙන් බෙදීම් ඇති කර නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ශුද්ධ වූ අල් කුරාණයේ සරල සිංහල පරිවර්තනය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ දී සිදුකෙරුණු අතර ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
මේ අතර, දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡාවක නිරත වුණා.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, නව සහයෝගීතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමටයි එහිදී එකඟත්වය පළ වී ඇත්තේ.

rn