භාවිතය තහනම් කර ඇති කෘමිනාශක තොගයක් කැකිරාව නගරයේ වෙළඳසැලකින් සොයාගෙන තිබෙනවා.
වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත අද දහවල් මෙම වෙළඳසැල වැටලීමට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී තහනම් කෘමිනාශක ග්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 1017ක් සහ තවත් දියර කෘමිනාශක තොගයක් ද සොයාගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ වෙළඳසැලේ හිමිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.