Gossips

භාරත සිනමාවේ සුපිරි තරු ශ්‍රිදේවි වෙනුවෙන් කඳුළු සලයි

භාරත සිනමාවේ සුපිරි තාරකාවක වූ ශ්‍රී දේවී කපූර්ගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ ඇතැයි ගල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.
ඇය නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයේ නාන බේසම තුළ වැටී සිටි ශ්‍රී දේවි පවුලේ ඥාතීන් විසින් රෝහල්ගත කරන විටත් මියගොස් සිටියා.
ඇගේ මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පෙරේදා වාර්තා වුවද ඇයට හෘදයාබාධයක් ඇති වූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ නැහැ.
ඇගේ ශරීරයේ මද්‍යසාර අන්තර්ගතව තිබූ බවද එම වාර්තාවේ සඳහන්.
විවාහ මංගලෝත්සවයකට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි 54 හැවිරිදි සුපිරි තාරකාව මියගියේ පෙරේදා (25) අලුයමයි.
ශ්‍රී දේවිගේ දේහය මුම්බායිහි පිහිටි ඇගේ නිවස වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ඒමට නියමිතව තිබුණා.
ඒ සඳහා එරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්බානි සිය පෞද්ගලික ජෙට් යානයක් ඩුබායි වෙත පිටත්කර හැර තිබුනා.
ඇගේ වියෝව සැලවීමත් සමග බොලිවුඩ් සහෘදයන් රැසක් මෙන්ම ශ්‍රී දේවිට ආදරය කළ සිනමා ලෝලීන් දහස් ගණනක් ඇගේ නිවස අසල රැස්ව සිටියා.
රජිනිකාන්ත්..
"මම ශ්‍රී දේවී හඳුනන්නේ වසර 40 ක පමණ කාලයක සිටයි. ඇය නැති අඩුව කිසිවෙකුටත් සපුරාලිය නොහැකි වනු ඇති. ඇය සදාකාලිකවම අපේ හදවත් තුළ ජීවත්වනු ඇති"
කමල් හසන්..
"ඇගේ කැපවීමයි මගේ කැපවීමයි එක හා සමානයි. ඒ නිසාම අප අතර තිබෙන බැඳීම පුදුමයකට කාරණයක් නෙමෙයි"
සිනමා තිරයේ සිය අසහාය වීරවරියගේ වියෝවෙන් කම්පිත වූ බොලිවුඩ් සිනමා ලෝලීන් විවිධ ස්ථානවලට රැස්ව ශ්‍රී දේවියගේ ආත්මයට ශාන්තිය ප්‍රාර්ථනා කරන අයුරු දක්නට ලැබුණා.
rnrnrnrnrn