Gossips

භාරතයේ ප්‍රධාන සංඝනායක හිමියන් අපවත් වෙයි

භාරතයේ ප්‍රධාන සංඝනායක, ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය රාජකීය පණ්ඩිත ජූලම්පිටියේ ඥාණරතන හිමියන් අපවත්වී තිබෙනවා.
කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අපවත්වනවිට 73 වන වියේ පසුවුණා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය අද රාත්‍රියේ මාතර – කිරින්ද පූර්වාරාම විහාරස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි.