Gossips

භාරකාර ආණ්ඩුව ගැන මහින්දගේ නිවසේදී තවත් සාකච්ඡාවක්

භාරකාර ආණ්ඩුවක් සඳහා දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඊයේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
ඒ, කොළඹ – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.
පැය දෙකහමාරකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ 15 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් කියා සිටියේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.