Gossips

භාරකාර ආණ්ඩුවක් ගැන විවිධ අදහස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ලිඛිතව ජනාධිපතිවරයා වෙත භාරදීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම තීරණය කළ බව එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ඇය සඳහන් කළේ එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහභාගී නොවීමට ද තම කණ්ඩායම තීරණය කළ බවයි.
මේ අතර ඊයේ කොළඹ පැවැති වැඩමුළුවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් අදහස් පලකළා.
තිරසර සංවර්ධන ඉලක්ක කරා ගන ගමනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වූ මෙම වැඩමුළුව කොළඹදී පැවැත්වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.