ආනයනික භාණ්ඩ සීමා කිරීම සඳහා ක්‍රියා කිරීමට රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂය කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීම වෙනුවට එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ නිදහසට කරුණු කියමින් සිටින බවයි.
