Gossips

භාණ්ඩාගාර බිල්පත් සඳහා නව වෙන්දේසි ක්‍රමයක්

භාණ්ඩාගාර බිල්පත් සඳහා නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
ලංසු තැබීමට පෙර අනිවාර්ය රැස්වීම් පැවැත්වීම, වෙන්දේසි දින දර්ශනය, කලින් ප්‍රසිද්ධියට පත් කිරීම සහ සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නොගැනීම එම නව ක්‍රමයට ඇතුළත්.
භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් මෙම නව වෙන්දේසි ක්‍රමය දැනටමත් ක්‍රියාත්මකයි.
මතභේදයට තුඩු දුන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට අදාළව එම නව ක්‍රමය හඳුන්වා දුන් බව මහබැංකුව ප්‍රකාශ කළා.
බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුතු සම්බන්ධ ක්‍රියාවලියට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ද ශක්තිමත් කර ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ අරමුදල් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වැඩි දියුණු කර අවදානම අවම කොට විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා නව ශක්තිමත් ආයෝජන ප්‍රතිපත්තියක් ද ක්‍රියාත්මකයි.