Gossips

භයානක රෝග සහිත ඉස්සන් විශේෂයක් මෙරටට ගෙන ඒමේ සුදානමක් ?

E.M.S නමැති භයානක රෝගය සහිත වනමි (Vannamei) නැමැති ඉස්සන් විශේෂයක් හෙට (08) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා ජලජිවි වගා සංවර්ධන සන්ධානය පවසනවා.
එහි සභාපතිවරයා පවසන්නේ සතුන් මෙරටට ගෙන ඒමේදී පිලිපැදිය යුතු නීතිරීති වලට පටහැනිව මෙය සිදුකරන බවයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජලජිවි වගා සංවර්ධන සන්ධානය සහ ඉස්සන් අබිජනන කරුවන්ගේ සංගමය අද (08) පෙරවරුවේ හලාවත පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මේ අහිතකර ඉස්සන් තොගය ඇමරිකාවේ සිට ගුවන් ගත කර ඇති අතර එය හෙට (08) දිනයේ කටුනායක ගුවන්තොටුපළ වෙත ලඟා වීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වනවිට වනමි (Vannamei) ඉස්සන් විශේෂය වගා නොකරන අතර හදුනා නොගත් භයානක රෝග 6ක් මෙම ඉස්සන් විශේෂයට ඇති බවයි සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.