ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන බෲස් යාඩ්ලි මියගොස් තිබෙනවා.
පිළිකා රෝගයක් හේතුවෙන් ඔහු මියයන විට 71වන වියේ පසුවුණා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 33ක් සහ එක්දින තරඟ 07ක් ක්‍රීඩාකර ඇති ඔහු බිඳ හෙලා ඇති ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව 133ක්.
36 වන වියේදී යාඩ්ලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් අතර ඉන් අනතුරුව පුහුණුකරුවෙක් සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ඔහු කටයුතු කරනු ලැබුවා.
1997 වසරේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වූ අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවේදී යාඩ්ලි මුරලිදරන් වෙනුවෙන් පෙනී සිටියා.
