සම ලිංගික චර්යාවන් සහ අසම්මත ලිංගික සබඳතාවලට මරණ දඬුවම පැනවීමට තීරණය කර ඇති බෲනායි ජන රජයේ සංචාරක හෝටල් වර්ජනය කරන ලෙස ඇමරිකානු සිනමා නළු ජෝර්ජ් ක්ලූනි ඉල්ලීමක් කරනවා.
එලෙස ශරියා නීතිය යටතේ දඬුවම් පැමිණවීමට පියවර ගෙන ඇත්තේ බෲනායි හි සුල්තාන්වරයා විසින්.
සම ලිංගික සහ අනාචාරයේ හැසිරීමේ චෝදනාවලට වරදකරුවන් වන පුද්ගලයන්ට ගල් ගසා මරණ දඬුවම නියම කිරීමටයි ඔහු තීරණය කර ඇත්තේ.
එමෙන්ම සොරකම්වලට අත පය කපා දැමීමටත්, ඔහු අදහස් කරනවා.
අදාළ දැඩි නීති ඉදිරි සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එය මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.