Gossips

බෞද්ධ සමාජය ශක්තිමත් කළ යුතු බව ජනපති කියයි

විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටළු සඳහා විසදුම් සෙවීමේදී බෞද්ධ සමාජය ශක්තිමත් කිරීම වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව සිරිවිජයබා පිරිවෙන් විහාරස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
බෞද්ධ භික්ෂූන්ට සහ පිරිවෙන් අධ්‍යාපනයට අතීතයේ සිටි රජවරුන්ගෙන් නොමඳ අනුග්‍රහයක් ලැබුණු බවත්, 1956 න් පසු එම තත්ත්වය තව තවත් වර්ධනය වූ බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.