ලෝකවාසී ජනතාවට බෞද්ධ දර්ශනය පිළිබඳව අවබෝධයක් ලබාදෙන මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා කටයුතු කිරීමට සියළු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පේරාදෙනිය – ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
